මෙම වැඩසටහන ගැන
පෙරදින පතිත වූ ධාරානිපාත වැසි හේතුවෙන් මොණරාගල ජීලෝන් වත්තට නායයෑමේ අවදානමකට මුහුණ පෑමට සිදු විය.
ජීලෝන් වත්ත ආශ්‍රිතව ඉන්දියානු ආධාර මත ඉදිකරන ලද නිවාස 30ක් අතරින් පවුල් දහසයක් නායයෑමේ දැඩි අවදානමට ලක්ව ඇති අතර, දැනටමත් නිවාස දෙකක් මුළුමනින්ම විනාශ වී, තවත් නිවාස දෙකක් ඉරිතැලීම්වලට සහ ගිලාබැසීම්වලට ලක්ව ඇත. එම කරුණු සලකා බලා, අදාළ ආයතනවල දායකත්වය සහ අනුග්‍රහය මත, වතු ආශ්‍රිතව ජීවත්වන මෙම අහිංසක ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් 2026/10/13 දින ආපදා පෙර පුහුණු වැඩසටහනක් සහ දැනුවත් කිරීමක් පවත්වනු ලැබීය.
මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, ග්‍රාම නිලධාරිතුමිය සහ ජීලෝන් වතු අධිකාරී නිලධාරි මණ්ඩලය සමඟ දැරූ සාමූහික උත්සාහයක් ලෙස මෙය සාර්ථක ප්‍රතිඵලදායි ඉලක්කයක් වෙත ළඟා වීම එම නිවැසියන්ගේද අප සැමගේද මහත් භාග්‍යයක් විය.
ඡායාරූප සහ වීඩියෝ
8 ඡායාරූප · 3 වීඩියෝ